චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය සංවර්ධනය වෙමින් පවතින රටවල ආකර්ෂණය අඛණ්ඩව ඉහළ නංවාගෙන ඇතැයි ජගත් බුද්ධි මණ්ඩල පෙන්වාදෙයි
2022-12-05 09:59:25
Share with:

චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය සංවර්ධනය වෙමින් පවතින රටවල ආකර්ෂණය අඛණ්ඩව ඉහළ නංවා ගෙන ඇති බව විවිධ රටවල බුද්ධි මණ්ඩල කියාසිටී.

සංවර්ධනය වෙමින් පවතින රටවල පරිපාලනය පිළිබඳ උසස් පෙළේ තුන්වැනි බුද්ධි මණ්ඩල සාකච්ඡා මණ්ඩපය පසුගිය දා පැවැත්විණ. මාර්ගගතව හා මාර්ගගත නොවන ආකාරයෙන් පැවති එම සාකච්ඡා මණ්ඩපයට ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව යන කලාපවල සංවර්ධනය වෙමින් පවතින රටවල් 20ක රාජ්‍ය නිලධාරීහු සහ යුරෝපය ඇමරිකාව හා චීනය නියෝජනය කරන බුද්ධි මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ. චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය ලැබු ජයග්‍රහණ හා අත්දැකීම්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ගැලපෙන අනන්‍ය නවීකරණ මාර්ග විවර කරගැනීම යන කරුණු එහිදී ගැඹුරෙන් සාකච්ඡා කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව, රටේ සැබෑ තත්ත්වයට අනුකූල මෙන්ම තම අපේක්ෂාවන්ට සරිලන  චීන ලක්ෂණයෙන් යුතු නවීකරණ මාර්ගය සොයාගෙන ඇත. චීන නවීකරණය, බටහිර ධනවාදී නවීකරණය අභිභවමින් ලෝක සංවර්ධනය වේගවත් කරන අතර, ස්වාධීනත්වය අගයන රටවල් හා ජාතීන් සඳහා නව තේරීමක් සපයා ඇතැයි ද මේ අවස්ථාවට එක්  වූ විශේෂඥයෝ පැවසූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම