උසස් පෙළ සිසුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ
2022-12-05 15:49:49
Share with:

2024 වසරේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වසරේ පළමුවරට පෙනී සිට විභාගය සමත්ව ඇති සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි වේ. 

අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු.75,000/- නොඉක්මවිය යුතු අතර, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් මේ සඳහා  සුදුසුකම් ලබයි.

එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30කි. එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු.5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබේ.

මීට අදාළ අයදුම්පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනටමත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත. 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම