ජාත්‍යන්තර මූල්‍ය සේවා ආයතන, ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර නිසි පරිදි ගැටළු විසඳීම සම්බන්ධයෙන් චීනයේ අනුබලය
2022-12-05 20:29:20
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සමග එක්ව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න නිසි ආකාරයකින් විසඳීමට චීනය අනුබල දෙන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

අද (5) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැඟූ අදාල ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙම සතියේ චීනයේ සංචාරයක නිරත වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව චීනය සමග සාකච්ඡා කරන බවටත්, ශ්‍රී ලංකාව එම අරමුදලෙන් මූල්‍ය පැකේජයක් බලාපොරොත්තු වන බවටත් වාර්තා වන්නේ යැයි එම මාධ්‍යවේදියා එහිදී පැවසීය. චීනය ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය පිළිබඳ තොරතුරු බෙදා ගනු ඇතැයි ද විමසූ ඔහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ කාල වැඩසටහන විස්තර කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජගත් ආර්ථික හා මූල්‍ය සේවා ආයතන සමග යහපත් සහයෝගතා සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමට චීනයට හැකි වී තිබෙන බව මාඕ නිං මහත්මිය එහිදී කියා සිටි‍යාය. 

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දුෂ්කරතා හා අභියෝග පිළිබඳව චීනයට මනා අවබෝධයක් ඇත. ඊට මුහුණ දී, ණය බර අවම කර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය සමඟ කටයුතු කරන ලෙස, චීනය අදාළ රටවලින් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම