නව යුගයේ චීන ආරාබි සහයෝගතාව පිළිබඳ වාර්තාවක් නිකුත් කෙරේ
2022-12-04 17:18:09
Share with:

චීන විදේශ අමාත්‍යංශය නව යුගයේ චීන ආරාබි සහයෝගතාව පිළිබඳ වාර්තාවක් නිකුත් කරයි. චීන සහ අරාබි රාජ්‍යයන්ගේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ අපේක්ෂාවන් සහ ඉදිරි මාවත ඉන් දක්වා තිබේ. චීන සහ අරාබි රාජ්‍යයන් අතර සබඳතා කාලානුරූපී වන අතර, දෙපාර්ශ්වයේ දිගුකාලීන හුවමාරු ඉතිහාසය විවිධ ජාතීන් අතර මිත්‍ර සබඳතා සඳහා ආදර්ශයකි. නව චීනය බිහි කිරීම් සිට ගෙවුණු වසර 70කට අධික කාලය තුළදී චීනය හා අරාබි රාජ්‍යයන් එකිනෙකාට ගරු කරමින් සමානත්වයෙන් යුතුව සලකා ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

වර්තමානයේ දී  චීනය සහ අරාබි රාජ්‍යයන් ශතවර්ෂයකින් නොදුටු ප්‍රබල වෙනස්කම්වලට ලක්වෙමින් සමාන අවස්ථා සහ අභියෝගවලට මුහුණ දෙමින් සිටී.

චීනය සහ අරාබි රාජ්‍යයන් අතර එළඹෙන සමුළුව සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, සියලු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ගැඹුරු කිරීමටත් අවස්ථාවක් ලෙස ගැනීමට චීනය ක්‍රියා කරනු ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම