ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට සැලසුම්
2022-12-04 16:30:55
Share with:

ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.

නියාමනයක් සහිතව ජාතික ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් එම අනුකමිටුව පත්කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

පසුගියදා පැවති කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත.

 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම