විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙලක්
2022-12-04 16:33:27
Share with:

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. ක්‍රීඩා සෞඛ්‍ය, තරුණ ඇතුලු අමාත්‍යංශ කිහිපයක සහාය ලබාගෙන අදාල නව වැඩපිළිවෙල කැබිනට් මණ්ඩලයට යොමු කරන බව වික්‍රමසිංහ මහතා සදහන් කරයි. 2022 ආබාධ සහිත තැනැත්තන් සදහා වු ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සංවිධාන කර තිබු ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

විවිධ හැකියා ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ නිර්මාණශීලි කුසලතා රටේ සංවර්ධනයට ඵලදායි ලෙස යොදාගත යුතු බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම