අසාර්ථක වූ ප්‍රංශ ජනපති‍ ගේ වෑයම
2022-12-04 16:11:54
Share with:

                 පසුගිය දා ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා තෙදින ඇමරිකානු සංචාරයක නිරත විය. ඔහුගේ එම සංචාරයේ ප්‍රධානම අරමුණ වූයේ ඇමරිකාව නිකුත් කළ උද්ධමනය අවම කිරීමේ පනත තුළින් යුරෝපීය ව්‍යවසායන්ට ඇති වන හානි තුරන් කිරීම ය. අවාසනාවකට මෙන් එම අරමුණ ඉටු කර ගැනීමට ඔහු අපොහොසත් විය.

                 පසුගිය අ‍ගෝස්තු මාසයේ ඇමරිකානු ජනාධිපති Joseph Biden උද්ධමනය අවම කිරීමේ පනතට අත්සන් තැබීය. එම පනත නිකුත් වීමෙන් පසු බො‍හෝ යුරෝපා රටවල් ඊට දැඩි විරෝධය පළ කර ඇත. එම පනත යුරෝපයේ කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා එල්ල කරමින් බොහෝ යුරෝපීය ව්‍යවසායන් සිය නිෂ්පාදන කටයුතු ඇමරිකාව වෙත මාරු කිරීමට පොළඹවන බවට එම රටවල් ‍චෝදනා නගා තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයා සමග අදාළ කරුණු පිළිබඳව මුහුණට මුහුණ සාකච්ඡා කරමින් යුරෝපයේ යහපත ආරක්ෂා කිරීම,Emmanuel Macron ජනාධිපතිවරයා සිය ඇමරිකානු සංචාරයේ ප්‍රධානම කාර්යය වශයෙන් සැලකුවේ එබැවිනි.

                    ඔහු ඇමරිකාවට ළඟා වූ වහාම උද්ධමනය අවම කිරීමේ පනතින් යුරෝපීය ව්‍යවසායන්ට සිදු වන හානි පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා සමග සෘජු ලෙස අදහස් දැක්විය. ඇමරිකාව ප්‍රංශය මිතුරෙකු වශයෙන් සලකා ප්‍රංශයට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව Emmanuel Macron මහතා එහිදී කියා සිටියේ ය.   යුරෝපයෙන් සමාව අයැදීමට ඇමරිකාවට අවශ්‍ය නොමැති නමුත් යුරෝපය වෙනුවෙන් යම් තරමකට සිය ප්‍රතිපත්ති වෙනස් කළ හැකි බව Joseph Biden මහතා ප්‍රතිචාර දක්වමින් පැවසීය. එහෙත් ඒ සඳහා ඇමරිකාවට කුමන වෙනසක් කළ හැක්කේ ද යන්න පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කළේ නැත.

             ‍  මේ පිළිබඳව ඇතැම් ජර්මානු මාධ්‍ය පෙන්වා දුන්නේ ආර්ථික අවශ්‍යතා සම්බන්ධ ගැටළුවලදී ඇමරිකාව සැමවිටම ආත්මාර්ථකාමී අන්දමින් සිතන බවයි. ඇමරිකාවේ මෙම ස්වභාවය සම්බන්ධයෙන් යුරෝපීයයන්ට පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව ද එම ජර්මානු මාධ්‍ය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම