එක්සත් ජාතීන්ගේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට නව අස්පෘෂ්‍ය උරුම 47ක්
2022-12-04 16:23:40
Share with:

එක්සත් ජාතීන්ගේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට නව අස්පෘෂ්‍ය උරුම 47ක් එක‍් කෙරේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්කම හා සංස්කෘතික සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ආරක්ෂාව පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවේ 17 වැනි ස්ථාවර සැසිය ඊයේ(3) මොරොක්කෝවේ රබට් අගනුවරදී අවසන් විය. එම සැසියේදී චීන සාම්ප්‍රදායික ‍තේ සෑදීමේ ක්‍රමය හා අදාළ සිරිත් විරිත් ඇතුළු ව්‍යාපෘති 47ක් එක්සත් ජාතීන්ගේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට එක් විය. එම ව්‍යාපෘති වලින් තුනෙන් එකක්, පරිසරය ,ජෛව විවිධත්වය හා සම්බන්ධ වේ. ජගත් ප්‍රජාව නිසි ලෙස පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රමුථ ස්ථානය ලබා දීමේ අධිෂ්ඨානය ඉන් පිළිබිඹු වෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම