නව කොරොනා වසංගතයේ හදිසි අදියරේ අවසානය ප්‍රකාශ කිරීමට කාලය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
2022-12-04 16:22:57
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 2වැනිදා පෙන්වා දුන්නේ, Omicron ප්‍රභේදය තවමත් ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතින බැවින්, නව කොරොනා වසංගතයේ හදිසි අදියරේ අවසානය ප්‍රකාශ කිරීමට ‍ කාලය නොවන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා පෙන්වා දුන්නේ, වසංගතයේ හදිසි අදියරේ අවසානය ප්‍රකාශ කළ හැකි වන මොහොතට  දිනෙන් දින සමීප වන නමුත් එම කාලය තවමත් පැමිණ නොමැති බවයි. වෛරස නිරීක්ෂණ, පරීක්ෂණ සහ එන්නත් කිරීමේ හි හිඩැස් තවදුරටත් පවතින බව ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වැඩසටහන් විධායක අධ්‍යක්ෂ පෙන්වා දුන්නේ, Omicron ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන අතර, ඒ ඒ රටවල් සිය අවදානම් තක්සේරුව සහ ඔවුන් සතුව ඇති  පහසුකම් අනුව වසංගතයට ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම