චීන රුසියා රජයන්හී ප්‍රධානීන්ගේ කමිටු රැස්වීම ඇරඹේ
2022-12-03 17:08:53
Share with:

චීන රුසියා රජයන්හී ප්‍රධානීන්ගේ කමිටු රැස්වීම ආරම්භ වෙයි. චීන උප අග්‍රමාත්‍ය හූ චුන්හුවා සහ රුසියා උප අග්‍රාමාත්‍ය Dmitry Chernyshenko යන මහත්වරුන්‍ ගේ සම සභාපතිත්වයෙන් එය ආරම්භ කෙරිණ. වීඩියෝ ආකාරයෙන් ඇරඹි එම රැස්වීම මෙවර පැවැත්වෙන්නේ 26 වෙනි වරටයි. කමිටුව සහ එහි අනුකමිටු රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇතිකරගත් එකඟතාව සක්‍රීයව ක්‍රියාවට නංවා ඇති බව චීන උප අගමැතිවරයා එහිදී පැවසීය. ද්විපාර්ශ්වික වෙළඳ පරිමාව වාර්තාගත ඉහළ මට්ටමකට ගෙනවිත් ති‍බේ.උපායමාර්ගික ප්‍රධාන ව්‍යාපෘතිවල සහයෝගීතාවයෙන් කැපී පෙනෙන ප්‍රතිඵල අත්කරගෙන ඇත. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර පැවැත්වෙන 27 වැනි නිත්‍ය හමුව සඳහා පූර්ණ සූදානමක් වශයෙන් මූල්‍ය, රේගු, විද්‍යා සහ තාක්ෂණ යන ක්ෂේත්‍රවල සහයෝගීතාව අඛණ්ඩව පුළුල් කිරීමට ද පියවර ගෙන ඇතැයි ද චීන උප අග්‍රමාත්‍ය හූ චුන්හුවා මහතා පැවසීය.කමිටු යාන්ත්‍රනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට රුසියාව සමග ඒකාබද්ධ උත්සාහයන් ගැනීමට චීනය කැමති බවද හෙතෙම සඳහන් කළේ ය. විවිධ ක්ෂේත්‍රවල රුසියානු-චීන සහයෝගීතාව මනා සංවර්ධන අත්කර ගෙන ඇති බව රුසියා උප අගමැතිවරයා එහිදී පැවසීය. ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියට ගෙන යමින්රුසියානු-චීන සබඳතා වර්ධනයට නව දායකත්වයක් ලබා දීමට චීනය සමඟ ඒකාබද්ධ උත්සාහයන් දැරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

 

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම