Meng Wanzhou මහත්මියට එරෙහි චෝදනා ඇමරිකානු අධිකරණය නිල වශයෙන් ඉවත් කරයි
2022-12-03 18:56:27
Share with:

ඇමරිකානු මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව, ඇමරිකානු වේලාවෙන් 2වැනිදා, චීනයේ Huawei සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී Meng Wanzhou මහත්මියට එරෙහි ඊනියා "බැංකු වංචාව" ඇතුළු චෝදනා, ඇමරිකානු අධිකරණය නිල වශයෙන් ඉවත් කළේය.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ද ඊයේ(2) පෙන්වා දුන්නේ, නියමිත කාල සීමාව තුළ Meng Wanzhou මහත්මියට එරෙහි කල් දැමූ නඩු පැවරීමේ ගිවිසුම කඩ නොකිරීම හේතුවෙන්, චෝදනා සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ, Meng Wanzhou මහත්මිය ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ මෙම එකඟතාවට පැමිණිමෙන් පසු චීනයට ආපසු පැමිණියාය .

චීන විදේශ අමාත්‍යංශය මීට පෙර පෙන්වා දුන්නේ, Meng Wanzhou සිද්ධිය චීන පුරවැසියන්ට එරෙහි දේශපාලන හිංසනයක් බවයි. ඇමරිකාවේ මෙම ක්‍රියා කලාපයේ අරමුණ චීනයේ අධිතාක්ෂණ ව්‍යවසායන් මර්දනය කිරීම බව පැහැදිලිය .

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම