චීන රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට උළෙලේ ක්‍රියාකාරකමක් යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී
2022-12-03 17:06:40
Share with:

චීන රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට උළෙලේ ක්‍රියාකාරකමක් යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වේ.

චීන මාධ්‍ය සමූහයේ ප්‍රමුඛත්වයෙන් පසුගිය ජූනි මස ආරම්භ වූ චීන රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට උළෙල මගින් ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධාන කර තිබේ. ඊයේ (2) චීන මාධ්‍ය සමූහය යුනෙස්කෝ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත පිරිස සමග එක් ව එම සංවිධානයේ මූලස්ථානයේ පැවැත්වූ උත්සවයේදී ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් චීන රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට 50කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශනය‍ කෙරිණ. චීන රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට උළෙල ආරම්භ වීමෙන් පසු ජාත්‍යන්තර සංවිධානයකට පිවිසුණු පළමු අවස්ථාව මෙයයි.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා උත්සවයට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. විවිධ ශිෂ්ටාචාරයන් තුළින් ඥානය හා පෝෂණය උකහා මානව හදවත්වලට අධ්‍යාත්මික සහනයක් ලබා දිය යුතු යැයි 2014 වසරේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේ දේශනයක් කරමින් පැවසූ බව ශෙන් හයි ශියොං මහතා සිහිපත් කළේ ය. රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට හරහා ලෝකවාසී ජනතාවගේ හදවත් වඩාත් සමීප කිරීම චීන මාධ්‍ය සමූහය චීන රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට උළෙල සංවිධාන කිරීමේ අභිප්‍රාය බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

ගත වූ මාස 5 තුළ රටවල් 60කට වැඩි ප්‍රමාණයක මාධ්‍ය සහ විදේශීය ආයතන 102ක් චීන රූපවාහිනි වැඩසටහන් හා වාර්තා චිත්‍රපට උළෙලට සහභාගි වී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම