ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොහැකි වුවන් සඳහා අමතර සතියක සහන කාලයක්
2022-12-03 22:01:44
Share with:

ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොහැකි වුවන් සඳහා අමතර සතියක සහන කාලයක් ලබාදී ති‍බේ. එහිදී කිසිදු දඩ මුදලක් අය නොකෙරේ. රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළිවු කරුණු සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස‍ට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ති‍බේ. හිඟ බදු සහ දඩ මුදල් ලෙස රුපියල් බිලියන 773 ක් අයකර නොගැනීම සහ රුපියල් බිලියන 200 ක චෙක්පත් අගරු වීම යන ගැටඵ එහිදි හෙලිදරව් විය. මේ අතර හිඟ බදු සහ දඩ පොළී මුදල් ලෙස සදහන් කළ රුපියල් බිලියන 773 ක මුදලින් රුපියල් බිලියන 201 ක් කිසිදු නීතිමය ගැටලුවකින් තොරව අයකර ගත හැකි බව විගණකාධිපතිවරයා සදහන් කර ඇත. බදු මුදල් අයකර නොගැනීම පිළිබඳව සොයා බැලිය යුතු බව ද ඇමතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම