රුසියානු ඛනිජ තෙල් සඳහා සීමා මිළක් නියම කිරීමට යු‍රෝපා සංගම් රටවල එකඟතාව
2022-12-03 17:13:24
Share with:

රුසියානු ඛනිජ තෙල් සඳහා සීමා මිළක් නියම කිරීමට යු‍රෝපා සංගම් රටවල් එකඟ වෙයි.ඒ අනුව රුසියානු ඛනිජ තෙල් බැරලයක් සඳහා පනවා ඇති සීමා‍ මිළ ඇමරිකා ඩොලර් 60කි.එය ලිඛිත ක්‍රියාවලියකින් නිල වශයෙන් අනුමත කළ යුතුව ඇත. අදාළ සවිස්තර කරුණු යුරෝපා සංගමයේ නිල නීතිමය ප්‍රකාශනයේ පළ කිරීමට නියමිතව තිබේ.මෙම  මිළ සීමා තීරණයට අනුව බැරලයක මිළ ඩොලර් 60 ඉක්ම වුවහොත් රුසියානු ඛනිජ තෙල් නෞකා සදහා රක්ෂණ, මූල්‍ය හා සෙසු සේවා සැපයීම තහනම් කෙරෙනු ඇත.මේ පිළිබද අදහස් දක්වමින් රුසියානු ඩූමා මණ්ඩලයේ විදේශ කටයුතු සභාපතිවරයා  පැවසුවේ යු‍රෝපා සංගමය තමන්ගේ බලශක්ති සුරක්ෂිතතභවයට හානි සිදුකර ගනිමින් සිටින බවයි. G7 මුදල් අමාත්‍යවරු පසුගිය සැප්තැම්බර් මාසයේ දී රුසියාවේ ඛනිජ තෙල් සම්බන්ධ මිළ සීමාවක් පැමිණීමට එකග වූහ.එම තීරණයට ප්‍රතිචාර දැක්වූ රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මිළ සීමාවට සහාය දක්වන රටවල් වෙත සිය ඛනිජ තෙල් හා ඛනිජ තෙල් නිශ්පාදන අලෙවි නොකරන බවයි.

 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම