අභියෝගාත්මක ගෝලීය වටපිටාව තුළ වැදගත් වන චීන - යුරෝපා සහයෝගීතාවය
2022-12-02 16:55:01
Share with:

ජාත්‍යන්තර තත්ත්වය වඩාත් අස්ථාවර සහ කැපී පෙනෙන ගෝලීය අභියෝගයක් බවට පත් වන තරමට චීන-යුරෝ සබඳතාවල ගෝලීය වැදගත්කම වඩා වැදගත් වනු ඇතැයි ඊයේ(1)  බෙයිජිං නුවර දී යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සමඟ පැවති සාකච්ඡාවක දී චීන ජනාධිපති ෂී ජීන් පීං මහතා  ප්‍රකාශ කළේය.

චීනයේ නවීකරණ වැඩපිළිවෙළ සදහා යුරෝපා සංගමය වැදගත් හවුල්කරුවකු වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළ ෂී ජීන් පීං මහතා, චීන-යුරෝපා සබඳතා වර්ධනය පිළිබඳ යෝජනා 4ක් ඉදිරිපත් කළේය.මයිකල් පැවසුවේ යුරෝපා සංගමය චීනයේ විශ්වාසදායක සහ බලාපොරොත්තු තැබිය හැකි හවුල්කරුවෙකු වීමට සූදානම් බවයි.මෙලෙස චීන-යුරෝ සබඳතා වර්ධනය වීම දෙපාර්ශවයටම ධනාත්මක අපේක්ෂාවන් ද ඇති කරයි

චාල්ස් මයිකල්ගේ මෙවර චීන සංචාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොග්‍රසයෙන් පසු චීනයේ ඉහළම නායකයා සහ යුරෝපා සංගමයේ නායකයෙක් අතර සිදු වූ පළමු නිල හමුවයි. එමෙන්ම මෙය යුරෝපීය කවුන්සිලයේ සභාපතිවරයා ලෙස චාල්ස් මයිකල් මහතා චීනයට කළ පළමු සංචාරය ද වේ.

චීනය සහ යුරෝපා සංගමය ලෝක සාමය,පොදු සංවර්ධනය,වෙළදාම සහ මානව පැවැත්ම සදහා වන ප්‍රධාන කේන්ද්‍රීය පාර්ශවයන් දෙකකි.චීනය සෑම විටම යුරෝපය සංගමය සමග පවතින සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන ඉදිරි දැක්මකින් කටයුතු කරනු ඇත. ඉතිහාසය,සංස්කෘතිය,සංවර්ධන මට්ටම සහ මතවාදයේ වෙනස්කම් නිසා චීනය සහ යුරෝපා සංගමය ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවිධ මතයන් දැරීම සාමාන්‍ය තත්ත්වයක් වුව ද,දෙපාර්ශවය අතර මූලික උපායමාර්ගික වෙනස්කම් හෝ ගැටුම් නොමැත.

ගෝලීය තත්වය වඩාත් අස්ථාවර වන වර්තමානයේ දී,දෙපාර්ශවයේ සහයෝගීතාවය වඩා වැදගත් වේ.චීන යුරෝපා සංගමයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම , එකිනෙකාට වැඩි අවස්ථා ලබා දීම සහ ලෝක‍යේ තිරසර පැවැත්ම උදෙසා හේතු වනු ඇත .

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම