අප්‍රිකාවේ කාර්මීකරණය කඩිනම් කිරීමට සැරසේ
2022-12-02 14:26:44
Share with:

අප්‍රිකාවේ කාර්මික හා ආර්ථික විවිධාංගීකරණ සංවර්ධනය කඩිනම් කරන බව අප්‍රිකානු රාජ්‍ය සංගමය නිවේදනය කරයි.

නයිජර් හි පසුගිය සතියේ පැවති කාර්මීකරණය සහ ආර්ථික විවිධාංගීකරණය පිළිබඳ විශේෂ රැස්වීමේදී අප්‍රිකානු නායකයෝ එම එකඟතාවට පැමිණි බව අප්‍රිකානු රාජ්‍ය සංගමය ඊයේ(1) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 

බාහිර ලෝකය මත යැපීම අවම කිරීම අරමුණය. සෞඛ්‍ය සේවාව, ඖෂධ, මෝටර් රථ, ඛනිජ සම්පත්, ආහාර ඇතුළු ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව ලබා දෙන බව ද ප්‍රකාශ කර ඇත.

නයිජර් රාජ්‍යය, චාඩ් රාජ්‍යය, රුවන්ඩාව ඇතුළු අප්‍රිකානු රටවල් රැසක නායකයෝ එම රැස්වීමට එක්වූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම