යුක්රේනයේ හමුදා භටයින් 13,000කට වඩා මිය ගොස් නොමැති බව යුක්රේන බලධාරීයෙක් පවසයි
2022-12-02 11:18:10
Share with:

යුක්රේනයේ UNIAH පුවත් සේවය ඊයේ (1) මේ බව වාර්තා කළේය. යුක්රේනයේ ජෙනරාල් කාර්ය මණ්ඩලය සහ උත්තරීතර ආඥාපති විසින් නිකුත් කරන ලද නිල වාර්තාවට අනුව, පෙබරවාරි 24 වැනිදා සිට මියගිය යුක්රේන සොල්දාදුවන් ගණන 10,000ත් -13,000ත් අතර වන බව යුක්රේන ජනාධිපති කාර්යාල ප්‍රධානියාගේ උපදේශක Vladimir Podolyak මහතා පැවසීය.

මීට පෙර, යුරෝපීය කොමිසමේ සභාපතිනිය  දේශනයක දී කියා සිටියේ රුසියාවේ සහ යුක්රේනයේ ගැටු‍ම ආරම්භ වූ දා සිට යුක්රේනයට හමුදා භටයින් 100,000 කට වඩා අහිමි වූ බවයි.

ගුවන් විදුලිය
20230921බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම