චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවයට ලෝක නායකයින්ගේ ශෝකය
2022-12-02 10:10:40
Share with:

චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය පිළිබඳව රටවල් රැසක නායකයෝ හා ජාත්‍යන්තර සංවිධානයන්හි ප්‍රධානීහු ශෝකය පළ කරති. ඔවුන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ශෝක පණිවුඩ යොමු කිරීම ඇතුළු නන් අයුරින් ශෝකය ප්‍රකාශ කර තිබේ.

රුසියා ජනාධිපති Vladimir Putin මහතාගේ ශෝක පණිවුඩයේ සඳහන් වන්නේ, Jiang Zemin මහතා නූතන චීන සංවර්ධනය හා ජාත්‍යන්තර මට්ටම නංවාලීමට දැවැන්ත පිටුබලයක් ලබා දී ඇති බවයි. රුසියා-චීන සබඳතාව උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය දක්වා නැංවීමට ද විශාල දායකත්වයක් ලබා දී තිබේ. Jiang Zemin මහතාගේ ඥාතීන්ට සහ සමස්ත චීන ජනතාවට තම සංවේගය පිරිනමන්නැයි Putin මහතා සිය ශෝක පණිවුඩයෙන් ඉල්ලා සිටී.

මේ අතර, ලාඕස මහජන විප්ලවීය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති Thongloun Sisoulith මහතා, කියුබානු කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම්, ජනාධිපති Miguel Díaz-CanelBermúdez මහතා, මාලදිවයින, කසක්ස්ථානය, ටජිකිස්ථානය, බෙලරුසය සහ පලස්තීනය යන රටවල ජනාධිපතිවරු, සිංගප්පූරු ජනාධිපතිවරිය ඇතුළු ලෝක නායකයන් Jiang Zemin මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම