එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතා වෙනුවෙන් සංවේගය පළ කරයි
2022-12-02 10:51:49
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතා වෙත සංවේගය පළ කිරීමේ උත්සවයක් පවත්වයි. එය පසුගිය 30 වැනිදා එම මණ්ඩලයේ රැස්වීමකට පෙර පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපති සහ ඝානාවේ නිත්‍ය නියෝජිතයා එහිදී සිය සාතිශය සංවේගය පළ කළේය. අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතා ලෝක සාමය, ආරක්ෂාව හා සංවර්ධනය, චීනයේ ප්‍රතිසංස්කරණය සහ විවෘතභාවය, නවීකරණය සහ ආර්ථික සංවර්ධනයට වැදගත් දායකත්වයන් ලබා දී ඇති බව හෙතෙම පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාව Jiang Zemin මහතාගේ ගුණ අඛණ්ඩව සිහි කරනු ඇති අතර ඔහුගේ අභාවය චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට විශාල පාඩුවක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම