ඉතිහාසයේ වේගවත්ම තිරසර ආර්ථිකය හිමි චීනය
2022-12-02 10:55:52
Share with:

චීනය දශක තුනකට වැඩි කාලයක් සියයට 10ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන ගොස් ඇත. ඒක පුද්ගල ආදායම ද ගෙවුණු කාලය තුළ වර්ධනය කර ගැනීමට ඔවුන් සමත් විය. මිලදී ගැනීමේ බලය සමානාත්මතා පදනමක් මත බැලූ විට චීනය ලොව විශාලතම ආර්ථිකය ලෙස හැඳින්විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශෂිතාංගනී වීරවංස මහත්මිය පැවසුවාය.

චීනයේ දළ දේශීය නිෂ්පාදනය සෑම වසර අටකට වරක්ම දෙගුණයකින් වර්ධනය විය. ලෝක බැංකුව මෙම වර්ධනය විග්‍රහ කළේ ලෝක ඉතිහාසයේ වේගවත්ම තිරසර ආර්ථිකය ලෙසයි. මෙම වර්ධනය හරහා සිය ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකි විය. එය දිළිදුකම පිටු දැකීමේ ආශ්චර්යයකි.

ව්‍යුහාත්මක වෙනස්කම් සමග ගොඩනැගුණු චීන ආර්ථික සංවර්ධනය, ආර්ථික විද්‍යාවේ න්‍යායන්ගෙන් පැහැදිලි කිරීමට පවා අපහසුය. චීන ජනතාව මෙන්ම ලෝක ප්‍රජාව ද මෙම වර්ධනයට බලපාන සාධක අධ්‍යනය කිරීමට සහ ඊට සමාන මොඩලයක් සිය රටවල හඳුන්වා දීමට උත්සාහ කළ බව ශෂිතාංගනී වීරවංශ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය .


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම