දිවයින පුරා කුඹුරු හෙක්ටාර 6 ලක්ෂයක වගා කටයුතු ඇරඹේ
2022-12-02 17:25:03
Share with:

මේ වන විට දිවයින පුරා කුඹුරු හෙක්ටාර 6 ලක්ෂ 36 දහස් 348 ක වගා කටයුතු අරඹා ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම අමාත්‍යංශය ඉලක්ක කර ඇති පරිදි මෙවර වී වගා කිරීමට අපේක්ෂිත සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 8 ලක්ෂ 51 දහස් 43 කි. දිවයිනේ සියලුම කුඹුරු ඉඩම් වගා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ සියලුම පළාත් කෘෂිකර්ම ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීය.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට වර්ෂාව නොලැබීම නිසා බඩඉරිගු වගාවට හානි වී ඇති බවත් දිවයිනේ නැවතත් සේනා දළඹුවාගේ වගා හානිය හිස ඔසවමින් පවතින නිසා වහාම ඒකාබද්ධ කෘමි පාලන වැඩසටහනක් සදහා යොමු විය යුතු බවත් මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම