නව්‍යකරණය සමඟ ඉදිරියට ගමන් කරන චීනය
2022-12-02 10:57:42
Share with:

චීනය සාක්ෂාත් කර ගෙන ඇති ආර්ථික දියුණුව සමස්ත ආසියාවටම ආඩම්බරයකි. ලෝකයේ ප්‍රබල රාජ්‍යක් ලෙස චීනය ගොඩනැගීමට එහි මානව සම්පතේ දායකත්වය ප්‍රබල ලෙස බලපා ඇත. බිලියන 8 ක් වූ ලෝක ජනගහනයෙන් වැඩිම කොටසක් නියෝජනය කරන චීනය, එම ජනගහනය නිසි ලෙස කළමනාකරණය කිරීම වඩාත් සුවිශේෂී වේ. නිෂ්පාදන ආර්ථිකය මත විශ්වාසය තබමින් සිය ආර්ථික උපායමාර්ග සැලසුම් කිරීමට ඔවුන් කටයුතු කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ සහාය කථිකාචාර්ය පසන් පාදුක්කගේ මහතා පවසයි .

ශ්‍රී ලංකාවේ භාෂා සාහිත්‍ය පිළිබඳ විද්ව‍තෙකු වන කුමාරතුංග මුනිදාස මහතාගේ ප්‍රකට කාව්‍ය වැකියක් වන  “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී“යන්න මෙය විග්‍රහ කර ගැනීමට වඩාත් යෝග්‍ය වේ. චීනය ද අලුත් අලුත් දෑ නිර්මාණය කරමින් ලෝකයේ අභියෝගයන්ට මුහුණ දුන් රාජ්‍යයකි.

පවතින ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් සිය ආර්ථික පදනම ඔවුන් ගොඩනගා ගෙන ඇත. චීනය සිය මව් භාෂාවට ලබා දෙන ප්‍රමුඛස්ථානය ද අන් රටවලට ආදර්ශයකි. එමෙන්ම එරට රාජ්‍ය නායකයන්ගේ කැපවීම ද ඔවුන් මෙම වේගවත් ආර්ථික අභිවෘද්ධිය ළඟා කර ගැනීමට සෘජුවම බලපා ඇත.

ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක, ආසියානු රාජ්‍යක් ලෙස, නූතන ලෝකයේ ඉහළ මට්ටමට චීනය ළඟා වී සිටීම ශ්‍රී ලංකාවට ද වැදගත් වේ. ඉතිහාසයේ සිටම දිගුකාලීන ජාත්‍යන්තර මිතුරෙකු වන චීනයට, ලෝකයේ  පැවැත්ම වෙනුවෙන් වැඩි දායකත්වය ලබා දීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බව ද පසන් පාදුක්කගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම