චීන-ලාඕස දුම්රිය මාර්ගය ක්‍රියාත්මක වී වසරක් සපිරේ
2022-12-02 18:39:28
Share with:

චීන-ලාඕස දුම්රිය මාර්ගය  ක්‍රියාත්මක කෙරුණේ මීට වසරකට පෙර දෙසැම්බර් මස 3වැනි දා ය. ඒ වසර 5ක ඉදිකිරීම් නිම වීමෙන් පසුව ය. චීන-ලාඕස දුම්රිය මාර්ගය නිරිතදිග චීනයේ යුන් නැන් පළාතේ කුන් මිං නගරය හා ලාඕසයේ වියන්තියන් අගනුවර යා කෙරෙන විද්‍යුත් දුම්රිය මාර්ගයකි. චීන ප්‍රමිතීන් අනුව චීන-ලාඕස සහයෝගිතාව යටතේ ඉදි කර ක්‍රියාත්මක මෙම දුම්රිය මාර්ගයේ සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 1035කි. මේ වන විට චීනයේ පළාත් හා නගර 25ක් පමණ චීන-ලාඕස දුම්රිය මාර්ගයට එක් ව ඇති අතර මෙම දුම්රිය මාර්ගය ඔස්සේ, ලාඕසය, තායිලන්තය, මැලේසියාව, මියන්මාරය හා වියට්නාමය ඇතුළු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ රටවල් 10කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කර ඇත. එමගින් ලාඕසය කලින් ගොඩබිම්වලින් වට වූ සීමාවෙන් නිදහස් වී සෙසු රටවල් සමග වඩාත් පුළුල් ලෙස සම්බන්ධ වීමට අවකාශයක් සැලසී තිබේ.

චීන-ලාඕස දුම්රිය මාර්ගය ක්‍රියාත්මක වූ පළමු දිනයේ ලාඕස අග්‍රාමාත්‍ය Phankham Viphavanh මහතා වියන්තියන් සිට ආරම්භ වූ පළමු දුම්රිය ධාවනයට එක් විය. චීන-ලාඕස දුම්රිය මාර්ගය ලාඕස චීනය සහ‍යෝගතාවේ විශිෂ්ට ප්‍රතිඵලයක් බව හෙතෙම එහිදී කියා සිටියේ ය. ඉන් ලාඕසයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය වඩාත් ඉදිරියට ගෙන යමින් චීනය ඇතුළු සෙසු රටවල් සමග තවදුරටත් සමීප කිරීමේ වැදගත් පාලමක් බව ලාඕස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

චීන-ලාඕස දුම්රිය මාර්ගය ක්‍රියාත්මක වී ගත වූ වසර තුළ භාණ්ඩ ටොන් කෝටියක් හා මගීන් ලක්ෂ 80ක් ප්‍රවාහනය කර තිබේ. එම දුම්රිය මාර්ගයෙන් අදාළ රටවල ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා විශාල වශයෙන් සපුරාගෙන ඇත.මෙම දුම්රිය මාර්ගය චීනය ආසියාන් රටවල් සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ඉහළ මට්ටමේ සංවර්ධන සහයෝගිතා පැවැත්වීම පිළිබඳ මනා නිදසුනකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම