අප්‍රිකානු කලාපයේ මාතෘ හා ළමා මරණ අනුපාතය ඉහළට
2022-12-02 11:36:12
Share with:

Covid-19 වසංගතයෙන් එල්ල වන බලපෑම් හමුවේ අප්‍රිකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතය ඉහළ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

එහි අප්‍රිකානු කලාපීය කාර්යාලය මාර්ගගත ක්‍රමයට කොංගෝ අගනුවර Brazzavilleහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ(1) මේ පිළිබදව අදහස් දැක්වීය. වත්මන් අප්‍රිකාවේ ගැබිනි කාන්තාවන් හා ළදරු මරණ අනුපාතය අවම කිරීමේ වේගය මන්දගාමී වීම පිළිබඳ ප්‍රශ්නය එහි දී සාකච්ඡාවට බදුන් විය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(1) නිකුත් කළ නව වාර්තාවට අනුව, ගතවූ වසර 10 ක් තුළ අප්‍රිකාවේ ගැබිනි හා ළදරු මරණ අඩු කිරීම වෙනුවෙන් ලබා ඇති ජයග්‍රහණ මන්දගාමී වෙමින් පවතී.

Covid-19 වසංගතය හේතුවෙන් අප්‍රිකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑම් එල්ල වූ අතර ගැබිනි කාන්තාවන්ගේ පශ්චාත් ප්‍රසව සත්කාර සහ අලුත උපන් ළදරු දැඩිසත්කාර සේවා අඩාල වීම ඊට දරුණු ලෙස බලපා ඇත. එය අදාළ මරණ අනුපාතය පහත වැටීම මන්දගාමී වීමට ප්‍රබල ලෙස හේතුවූ බව ද විශේෂඥයන් එහිදී සදහන් කළේය. අදාළ ප්‍රතිපත්ති නිසි අයුරින් ප්‍රතිව්‍යූහගත කර, නව ප්‍රතිපාදන යොමු කර පූර්ණ සෞඛ්‍ය ආවරණයක් ළඟා කර ගැනීමට උත්සාහ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකානු රටවල් වලින් ඉල්ලා සිටියේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම