චීන අගමැති හා යුරෝපා කවුන්සල සභාපතිවරයා අතර හමුවක්
2022-12-02 16:13:08
Share with:

විදේශ සමාගම් චීනයේ අඛණ්ඩව ආයෝජනය කිරීම ප්‍රසාදයෙන් යුතුව පිළිගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යන් මහතා පවසයි.නිල සංචාරයක් සඳහා චීනය‍ට පැමිණ සිටින යුරෝපා කවුන්සලයේ සභාපති Charles Michel මහතා බෙයිජිංහිදී හමුවූ අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් ක‍ළේය.දෙපාර්ශ්වය ඔවුනොවුන් වෙත තවදුරටත් විවෘත විය යුතු බව පැවසූ චීන අගමැතිවරයා  චීනය  සැමවිටම  විවෘතභාවය පිළිබද ප්‍රතිපත්තිය මත සිටින බව ද අවධාරණය කළේය. වෙළඳපොල සහ නීතිය මත පදනම් වූ  ජාත්‍යන්තර ව්‍යාපාරික පරිසරයක් චීනය අඛණ්ඩව වර්ධනය කරන අතර  සියළු ආකාරයේ සමාගම් වෙත සමාන හා සාධාරණ අයුරෙන් සලකන බවද චීන අගමැතිවරයා කීය. චීනය සිය මූල්‍ය අංශය ස්ථාවරව විවෘත කරමින් සුදුසුකම් ලත් විදේශ ආයතනික ආ‍යෝජකයන් දිරි ගන්වන බව ද ලී කච්‍යන් මහතා සඳහන් කළේ ය.එම සාකච්ඡාවේ දී නිදහස් වෙළඳාම හා ජාත්‍යන්තර සැපයුම්දාමයන්හී ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට  ද දෙපාර්ශ්වය එකඟ වූහ.යුරෝපා සංගමය එක් චීනයක් ප්‍රතිපත්තිය අනුගමනය කරන අතර යුරෝපා සංගම් හා චීන නායකයන් අතර හමුව සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන බව ද යුරෝපා කවුන්සිල සභාපතිවරයා පැවසීය.මේ අතර චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය පිළිබඳවද  හෙතෙම එහිදී සිය ශෝකය පළ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම