චීන ඇමරිකා නායකයන් පැමිණ ඇති වැදගත් එකඟතාවන් ඇමරිකාව පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවනු ඇතැයි චීනයෙන් අපේක්ෂා
2022-12-02 18:50:17
Share with:

චීන ඇමරිකා නායකයන් පැමිණ ඇති වැදගත් එකඟතාවන් ඇමරිකාව පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරයි.

ඇමරිකා රාජ්‍ය මහලේකම් Antony Blinken මහතා පසුගිය 30 වනදා NATO සංවිධානයේ විදේශ ඇමතිවරුනගේ සමුළුවෙන් පසු ප්‍රකාශ කළේ NATO සංවිධානයට චීනයේ අභියෝග පිළිබඳ පැහැදිලි වන අතර චීනය බලාහත්කාරී ප්‍රතිපත්ති අනුගමනය කිරීම, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳව ඇමරිකාව සමීප අවධානය යොමු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(2) පැවති දෛනික මාධ්‍ය හමුවේදී පැවසුවේ ඇමරිකාව බලාත්කාරී රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ආරම්භක රට මෙන්ම ප්‍රධාන රට බවයි. යුධ බලයෙන් තර්ජනය කිරීම, දේශපාලන හුදෙකලාව, ආර්ථික සම්බාධක හා තාක්ෂණ අවහිර කිරීම ඇතුළු සියළු ක්‍රම ඇමරිකාව විසින් යොදා ‍‍‍ගෙන තිබේ. ඇමරිකාව ගොඩනැගීමෙන් පසු වසර 250 තුළ වසර 16ක කාලයක් පමණක් යුද්ධ කර නොමැත. ලෝකයේ එතෙර හමුදා පදනම් 800කට වැඩි ප්‍රමාණයක් සහිත ඇමරිකාවේ හමුදා වියදම ලෝකයේ ප්‍රථම ස්ථානය ගනී. ජාත්‍යන්තර හා කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වය විනාශ කරන්නේ කවුරුන් දැයි ඉන් පැහැදිලි වන බව Zhao Lijian මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම