ගෝලීය අවශ්‍යතාව අනුව භෞතික විශ්ව විද්‍යාල පමණක් නොව සයිබර් තාක්ෂණය සදහාද අවශ්‍ය විශ්ව විද්‍යාල ස්ථාපිත කරන බව ජනපති කියයි
2022-12-02 17:24:08
Share with:

ශ්‍රී ලංකාව අධ්‍යපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කල හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. විදේශ විශ්ව විද්‍යලවලට යන සිසුන් ඩොලර් බිලියන 3 ක් වියදම් කළද මෙරට විශ්ව විද්‍යලවලට විදේශ සිසුන් බඳවා ගැනීමෙන් ඩොලර් බිලියන 10 ක් රටට උපයා ගත හැකිය. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙතෙක් පැවති අධ්‍යපන ක්‍රමය වෙනස් කරන බවයි. ගෝලීය අවශ්‍යතාව අනුව භෞතික විශ්ව විද්‍යාල පමණක් නොව සයිබර් තාක්ෂණය සදහාද අවශ්‍ය විශ්ව විද්‍යාල ස්ථාපිත කරන බව ඔහු එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම