ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් වඩාත් තහවුරු කිරීමට ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවක්
2022-12-02 17:26:03
Share with:

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් වඩාත් තහවුරු කිරීමට ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීමට සැලසුම් කෙරේ.

2023 වර්ෂයේදී එම කටයුතු නිමකරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (01) සඳහන් කළාය.

2023 අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවන දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය,කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරිය මේ බව පැවසුවාය. කාන්තා කම්කරුවන්ට එක් වැටුපකුත් පුරුෂ කම්කරුවන් සඳහා තවත් වැටුපකුත් ලබා දීමෙන් ඔවුන්ට නිසියාකාර සම තැන නොලැබෙන බවත් කාන්තාවට ද සමාන වැටුපක් ලබා දීය යුතු බවත් රාජ්‍ය ඇමැතිවරිය පෙන්වා දුන්නාය.ළමා ආරක්ෂාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම , ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කාන්තාවන් සවිබල ගැන්වීම වැනි පනත් මේ වන විට කෙටුම්පත් කරමින් තිබෙන බව පැවැසූ  ඇය ඉදිරියේදී එම පනත් බලාත්මක කරන බව ද සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම