2022 වසරේ චීනයේ අධිවේගී සැපයුම් ජාලය මගින් බෙදා හැරුණු භාණ්ඩ ප්‍රමාණය බිලියන 100 ඉක්මවයි
2022-12-01 14:04:11
Share with:

2022 වස‌ෙර් චීනයේ අධිවේගී සැපයුම් ජාලය මගින් බෙදා හැරුණු භාණ්ඩ ප්‍රමාණය බිලියන 100 ඉක්මවා ගොස් ඇත.

දෙසැම්බර් පළමුවනදා උදෑසන කාලයේ දී, දකුණු චීනයේ ෆූජියන් පළාතේ පිංහ කෝරළයේ සිට ෂ්‍යාමෙන් නගරය දක්වා ප්‍රවාහනය කෙරුණු, සිදරන් පළතුරු සහිත පාර්සලය, එම බිලියන 100 වැනි පාර්සලයයි.

චීනයේ විද්‍යුත් වාණිජ ව්‍යාපාරයේ වේගවත් වර්ධනය සමග අධිවේගී භාණ්ඩ බෙදා හැරීමේ ව්‍යාපාරය ද අඛණ්ඩව දියුණු වී තිබේ. එම සුවිශාල භාණ්ඩ බෙදා හැරීමේ ජාලයෙන් රට පුරා විවිධ ප්‍රදේශවල කෘෂිකර්ම නිෂ්පාදිත වෙනත් ප්‍රදේශවලට අලෙවි කර තිබීම විශේෂත්වයකි.

මේ අතර ග්‍රාමීය ප්‍රදේශවල භාණ්ඩ බෙදා හැරීමේ පද්ධතිය සංවර්ධනය කිරීම, රටේ 14වන පස් අවුරුදු සැලැස්ම කාලය තුළ (2021-2025) චීනයේ තැපැල් සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් විය. ජාතික තැපැල් දෙපාර්තමේන්තුව, ග්‍රාමීය ප්‍රදේශවල නිත්‍ය තැපැල් සේවාව ප්‍රවර්ධනය කිරීමට ‌ෙමන්ම, අධිවේගී බෙදාහැරීම, ප්‍රවාහනය යන අංශයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා අතර භාණ්ඩ බෙදා හැරීම පිළිබඳ ග්‍රාමීය පොදු බෙදාහැරි‌මේ මධ්‍යස්ථාන ගොඩනැගීමට ද සහාය වනු ඇතැයි වාර්තා වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම