පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීමට චීනය කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා පවසයි
2022-12-01 15:18:45
Share with:

පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය චීනයේ අනාගත මාවතට පැහැදිලි මඟපෙන්වීමක් ලබා දී ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

අද (1) පෙරවරුවේ හෙතෙම සංචාරයක් සඳහා පැමිණ සිටින යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා හමු විය. විවිධ වෙනස්වීම්වලට මුහුණ දී ඇති වත්මන් කාලයේ විවිධ රටවල් සිය අනාගත මාවත් පිළිබඳ කල්පනා කරමින් සිටී. පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය චීනය වෙනුවෙන් ඊට පිළිතුරක් ලබා දී තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. දේශීය වශයෙන් චීනය චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී මාවතේ එල්බ සිටිමින් ජනතාවගේ සුබසිද්ධිය කේන්ද්‍ර කරගනිමින්  ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරනු ඇත.ජාත්‍යන්තර වශයෙන් ලෝක සාමය රැක ගනිමින් සෙසු රටවල් සමග පොදු සංවර්ධනය කරා ගමන් කරමින් ස්වාධීන හා සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය පිළිපදිමින් ‍පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීමට චීනය කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම