රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේ අවි ආයුධ අප්‍රිකාවට ගලා යන බව නයිජීරියානු ජනාධිපතිවරයා පවසයි
2022-12-01 10:01:16
Share with:

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි මහතා පැවසුවේ රුසියා යුක්රේන ගැටුමේ අවි ආයුධ කළු කඩ වෙළඳාම හරහා අප්‍රිකාවට ගලා එන බවයි.කළු කඩ වෙළෙඳාම හරහා අප්‍රිකාවට ගලා එන අවි ආයුධ අප්‍රිකාවේ සහේල් කලාපයේ ත්‍රස්තවාදී කණ්ඩායම් සවිබල ගන්වන බවත් එය කලාපීය සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන බවත් මුහම්මදු බුහාරි මහතා ප්‍රකාශ කළේය.

රුසියානු-යුක්රේන ගැටුමේ සිට අප්‍රිකාවට අවි ආයුධ අඛණ්ඩව ජාවාරම් කිරීම සහ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අදාළ රටවල් අතර වේගවත් සහයෝගීතාවයක් ඇති කර ගැනීම අවශ්‍ය වේ.

බටහිර රටවල් විසින් යුක්රේනයට සපයන ලද ආයුධ දැනටමත් කළුකඩ වෙළඳපොලේ පවතින බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ද මීට පෙර ප්‍රකාශ කළේය.එම ආයුධ අපරාධකරුවන් අතට පත් වුවහොත් එය බරපතල අභියෝගයක් වනු ඇතැයි  ද පුටින් මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම