අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අවමංගල්‍ය උත්සවය ලබන 6වැනි දා බෙයිජිංහි දී
2022-12-01 19:50:24
Share with:

අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අවමංගල්‍ය උත්සවය ලබන 6වැනි දා පැවැත්වේ.

එතුමාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ කමිටුව අද (1)2වැනි නිවේදනය නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනයට අනුව, ලබන 6වන දින පෙරවරු 10.00ට එම අවමංගල උත්සවය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. එදින චීනය පුරා සහ වි‍දේශ රටවල චීන තානාපති කාර්යාල,කොන්සල් කාර්යාල සහ වෙනත් ආයතන තුළ චීන ජාතික ධජය අඩකුඹ කෙරෙන අතර සියලු මහජන විනෝද ක්‍රියාකාරකම් නතර කෙරේ. ලබන 6වැනි දා චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අවමංගල උත්සවය පැවැත්වෙන අතරතුර සමස්ත චීන ජනතාව විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් සුරකිනු ඇති අතර නලා සහ ගුවන් ආරක්ෂක නලා විනාඩි 3ක් පුරා නාද කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම