චීනය සහ යුරෝපය අතර ශක්තිමත් ආර්ථික සහජීවනයක් පවතින බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි
2022-12-01 18:57:24
Share with:

යුරෝපය සමග සබඳතා සංවර්ධනය කිරීම චීනය ඉහළින් සලකන කරන අතර, දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වාසිදායක සහ ජයග්‍රාහී සහයෝගීතාව ගැඹුරු කිරීමට චීනය කැපවී සිටින බව, චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය කියා සිටී.

චීනය සහ යුරෝපය අතර ශක්තිමත් ආර්ථික සහජීවනයක් පවතී. මෙම වසරේ ප්‍රථම මාස 10ක් තුළ, චීන-යුරෝපා සංගම් වෙලඳ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 711.4 ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 6.3% වැඩි වීමකි. චීනය යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර, යුරෝපා සංගමය චීනයේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරු ලෙස අඛණ්ඩව පවතින බව, Shu Jueting මහත්මිය සඳහන් කළා ය.

චීන-යුරෝපා ආයෝජන ගිවිසුම  සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළේ , චීනය සහ යුරෝපා සංගමය එක්ව උත්සාහ දැරීමෙන්, චීන-යුරෝපා ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම සහ බලාත්මක කිරීම ප්‍රවර්ධනය කරන අතර, දෙපාර්ශවයේම ව්‍යවසායකයන්ට සහ ජනතාවට හැකි ඉක්මනින් ප්‍රතිලාභ ලබා දිය යුතු බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම