අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ දේහය විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරට
2022-12-01 20:10:37
Share with:

අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ දේහය ශැංහයි නුවර සිට බෙයිජිං අගනුවරට රැගෙන එනු ලැබේ.

පසුගිය 30වැනි දා Jiang Zemin මහතා ‍ශැංහයි නුවරදී අභාවප්‍රාප්ත විය. අද (1) පස්වරු 3.55ට එතුමාගේ දේහය රැගත් විශේෂ ගුවන් යානය බෙයිජිං අගනුවර ගුවන් තොටුපළකට ළඟා විය. රාජ්‍ය ගෞරවය සහිත ව එම දේහය ගුවන් යානයේ සිට රැගෙන එනු ලැබිණ.  Jiang Zemin මහතාගේ දේහය බාර ගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින් ජිං මහතා හා අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා ඇතුළු පාලක කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ ගුවන් තොටුපළට ගොස් සිටියහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම