සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට පියවර
2022-12-01 16:39:26
Share with:

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව තිබේ.ඉන් පසුව සංචාරක අමාත්‍යංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව ඇමතිවරයා කියා සිටී.

රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කිරීමට සහ නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමට ද බලාපොරොත්තු වන බව ද  අමාත්‍යවරයා කීය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම