ඇමරිකාවේ වෙඩි තැබීම් සිද්ධිවලින් මිය ගිය සංඛ්‍යාව පිළිබඳ නව අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි
2022-12-01 10:39:34
Share with:

1990 සිට 2021 දක්වා ඇමරිකාවේ පුරවැසියන් මිලියන 1.11ක් වෙඩි තැබීම් සිද්ධිවලින් මිය ගොස් ඇති බව ඇමරිකාවේ වෛද්‍ය සංගමයේ සඟරාවක් සිදු කළ නවතම පර්යේෂණයකින් පෙන්වා දෙයි.

වෙඩි තැබීම්වලින් මිය ගිය 25.8%ක් අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන්ය. ඇමරිකාවේ විවිධ ජන කණ්ඩායම් අතර වෙඩි තැබීම්වලින් සිදු වන මරණ අනුපාතයන්හි කැපී පෙනෙන වෙනස්කම් පවතී. ගෙවුණු වසර 10 තුළ එම වෙනස්කම් වඩාත් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව එම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.

2021 දී ඇමරිකාවේ වෙඩි තැබීම් මරණ අනුපාතය දශක තුනකට ආසන්න කාලයක් තුළ වූ ඉහළම මට්ටමට ළඟා වූ බව ද එම අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත.


ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම