උද්ධමනයේ අඩුවීමක්
2022-12-01 16:38:46
Share with:

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 66 ක් වූ උද්ධමනය නොවැම්බර් මස සියයට 61 දක්වා පහත වැටී ඇත. නොවැම්බර් මස සියයට 61 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 24.8 ක දායකත්වයක් ලබා දී ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 36.2 ක දායකත්වයක් ලබා දී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 85.6 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 73.7 ක් දක්වා පහත වැටී තිබේ.එය ඔක්තෝබර් මසට සාපේක්ෂව සියයට 11.9 ක සැලකිය යුතු පහළ යාමකි. එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද සියයට 1.8 කින් පහත වැටී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම