චීන අගමැති හා ලාඕස ජනපති අතර හමුවක්
2022-12-01 10:24:38
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා, ලාඕස මහජන විප්ලවවාදී පක්ෂ මහලේකම් සහ ජනාධිපති Thongloun Sisoulith මහතා හමු වේ.

එම හමුව ඊයේ(30) බෙයිජිං අගනුවර දී පැවැත්විණ. ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ චීනය ලාඕසය සමඟ රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගනිමින්, දෙපක්ෂය හා දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව අඛණ්ඩව පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී ක ච්‍යං  මහතා පැවසීය. චීන-ලාඕස දුම්රිය මාර්ගයේ ප්‍රමුඛ කාර්යභාරය මනාව ඉටු කර, ලාඕසයෙන් අධිගුණාත්මක කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරීමටත්, එරට ආයෝජනය කිරීම සඳහා චීන ව්‍යවසායන් දිරිමත් කිරීමටත් චීනය බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.

දෙරට සබඳතාව අඛණ්ඩ වර්ධනයක් සාක්ෂාත් කර ඇත. එසේම, ලාඕස-චීන දුම්රිය මාර්ගයේ නිසි ප්‍රතිලාභ තවදුරටත් අත්පත් කරගැනීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීම ලාඕසයේ අපේක්ෂාව බවත්, තම රටේ ආයෝජනය කරන චීන ව්‍යවසායන් සාදරයෙන් පිළිගන්නා බවත් Thongloun Sisoulith මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම