ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා චීනයේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තුවීම චීනය පිළිගනී
2022-12-01 20:09:38
Share with:
චීන ඇමරිකා නායකයන් ඉන්දුනීසියාවේ Bali දූපතේ පැවති හමුවේදී පැමිණි එකඟතාවන් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා චීනයේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තුවීම චීනය පිළිගනී.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(1) පැවති දෛනික මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය අගය කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතා මගින් පොදු ජයග්‍රහණ හිමි කර ගැනීම යන මූලධර්මය චීනය තිරසරව අනුගමනය කරමින් චීන ඇමරිකා සබඳතාව වර්ධනය කරන බව හෙතෙම අවධාරණය කළේය.