චීන ජනාධිපතිවරයා හා යුරෝපා සභාවේ සභාපතිවරයා අතර හමුවක්
2022-12-01 16:10:35
Share with:

චීන ජනාධිපතිවරයා හා යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා බෙයිජිං හිදී හමු වෙති.

එම හමුව අද(1) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ චීන යුරෝපා සබඳතාව යහපත් වර්ධන ප්‍රවණතාවේ පවත්වා ගත යුතු බවයි. එය දෙපාර්ශ්වය හා ජගත් ප්‍රජාවේ පොදු ප්‍රතිලාභයන්ට ගැළපේ. චීන වර්ධනය, ලෝක සාමකාමී බලය වර්ධනය කිරීමකි. කිසි විටෙකත් අධිපතිවාදය හා ව්‍යාප්තවාදය අනුගමනය නොකිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි දේශපාලන පොරොන්දුවකි. චීන ජාතිකයන් බිලියන 1.4ක ගේ අභිමතය ඉන් පිළිබිඹු වන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එමෙන්ම චීන යුරෝපා සබඳතාව පිළිබඳව හෙතෙම කරණු 4ක් ඉදිරිපත් කළේය. නිවැරදි සංජානනය අනුගමනය කිරීම, මතභේද යහපත් ලෙස පාලනය කිරීම, වඩාත් ඉහළ මට්ටමේ සහයෝගිතා පැවැත්වීම හා ජාත්‍යන්තර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ඊට ඇතුළත් ය.

යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා එම හමුවේදී පැවසුවේ ව්‍යාප්තවාදය අනුගමනය නොකරන චීනය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා බහුපාර්ශ්වවාදය සුරකින වැදගත් හවුල්කාරී රටක් බවයි. යුරෝපා සංගමය එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීන අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවේ. චීනය සමග ඍජු සංවාද හා සහයෝගිතා ශක්තිමත් කිරීමෙන් වැරදි අවබෝධ හා වැරදි විනිශ්චයන් අඩු කරමින් දෙපාර්ශ්වය විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා ගැඹුරු කළ යුතු බව Charles Michel  මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම