සාමූහික ප්‍රයත්න මගින් පලස්තීන ගැටළුව නිරාකරණය කිරීමට එක්වන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2022-12-01 11:19:23
Share with:

සාමූහික ප්‍රයත්න ඔස්සේ පලස්තීන ගැටළුව නිරාකරණය කිරීමට එක්වන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය උප නියෝජිත Gengshuang මහතා, ජගත් මහා මණ්ඩලය ඊයේ (30) පැවැත්වූ පලස්තීන ගැටළු හා මැදපෙරදිග තත්ත්වය විමසීමේ සාකච්ඡාවට එක්වෙමින් මේ බව පැවසීය.

ඔහු පවසන්නේ, වෙනත් පාර්ශ්ව විසින් අත්පත් කරගැනුණු පලස්තීන භූමිය මේ වසර වනවිටත් නොසන්සුන් තත්ත්වයක පවතින බවයි. තාවකාලික පාලනයන්ට පූර්ණ හා සාධාරණ පිළියම් ආදේශ කළ නොහැකි ය. එසේම, කෙටිකාලීන ආර්ථික හෝ මානුෂීය සහනාධාර මගින් දේශපාලනික වශයෙන් දිගුකාලීනව ගෙවිය යුතු වන්දි පියවිය නොහැකි ය යන්න අවිවාදිත ලෝක සත්‍යයකි. වර්තමානයේ අවශ්‍ය වන්නේ ස්ථිර දේශපාලන පැවැත්මක් හා ප්‍රායෝගික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු සමස්ත ජගත් ප්‍රජාවේ පොදු උත්සාහයන් ඊට අයත් බව ද ඔහු සඳහන් කර තිබේ.

පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් චීනය අඛණ්ඩ ව සාමය, යුක්ති සහගත බව සහ සාධාරණත්වයේ රැඳී සිටී. එසේම, පොදු ආරක්ෂාව සාක්ෂාත් කිරීම උදෙසා පලස්තීනය හා ඊශ්‍රායලය දිරිගැන්වීම චීනයේ අපේක්ෂාව බව ද Gengshuang මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම