වසංගතයට එරෙහිව චීනය විද්‍යාත්මක හා නිරවද්‍ය වැළැක්වීම සහ පාලනය අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-12-01 20:45:14
Share with:

වසංගතයට එරෙහිව චීනය විද්‍යාත්මක හා නිරවද්‍ය වැළැක්වීම සහ පාලනය කිරීම අඛන්ඩව පවත්වා ගෙන  ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා අද(1) මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කරමින් පැවසුවේ, චීනය වසංගත වැළැක්වීමේ සහ පාලනයේ යහපත් ප්‍රතිඵල මගින්, ආර්ථිකයේ සහ සමාජයේ තිරසර, සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සංවර්ධනයක් සහතික කරනු ඇති බවයි.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම්වරයා මෑතකදී පෙන්වා දුන්නේ, චීනයේ වසංගත වැළැක්වීම සහ පාලන ප්‍රතිපත්ති ගෝලීය ආර්ථික දැක්මට අහිතකර ලෙස බලපා ඇති බවයි.

මේ පිළිබද Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, ඇමරිකානු නිලධාරීන් විසින් කරන ලද ප්‍රකාශවල කිසිදු සත්‍ය පදනමක් නොමැති බවයි.

නව කොරොනා වසංගතය සිදු වීමෙන් පසු, වසංගත වැළැක්වීම සහ පාලනය මෙන්ම, ආර්ථික හා සමාජ සංවර්ධනය, චීනය විද්‍යාත්මකව සම්බන්ධීකරණය කරන අතර, ලෝක ආර්ථිකයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව, Zhao Lijian මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම