ඒඩ්ස් තුරන් කිරීම කෙරෙහි නිසි අවධානය යොමුකරන්නැයි ජගත් මහා මණ්ඩල සභාපතිවරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි
2022-12-01 13:54:31
Share with:

2030 වසර වන විට ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ ක්‍රමවේද බරපතල ලෙස නිසි මාර්ගයෙන් බැහැර වනු ඇතැයි  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපති  Csaba Korosi මහතා පවසයි.  

එබැවින් රෝගය වළක්වා ගැනීමට  පියවර ගන්නා ලෙස හෙතෙම ජගත් ප්‍රජාවෙන් ඉල්ලාසිටී.

 දෙසැම්බර් පළමුවැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කොරෝසි මහතා මේ බව පැවසීය. "වෙනස් කොට සැලකීම සහ මානව හිමිකම් නොසලකා හැරීම අපගේ ප්‍රගතියට බාධා පමුණුවන" බැවින්, 2030 වන විට ඒඩ්ස් තුරන් කිරීමේ ඉලක්කය නරක අතට හැරෙනු ඇති බව හෙතෙම පෙන්වාදෙයි. ඒඩ්ස් රෝගය තුරන් කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇත. එහෙත් කනගාටුවට කරුණ වන්නේ එය සැමට යොදාගත නොහැකි  වීම බව කොරෝසි මහතා පෙන්වාදෙයි.

ජාත්‍යන්තර ප්‍රජාව නිසි පියවර ගතහොත් මෙම තත්ත්වය වළක්වා ගත හැකිවනු ඇත. එනම්, මෙම දශකයේ නව HIV ආසාදිතයන් මිලියන 3.6ක් සහ ඒඩ්ස් ආශ්‍රිත මරණ මිලියන 1.7ක් වැළැක්විය හැකි වනු ඇත.

ඒඩ්ස් පිළිබඳ මහා සභාවේ 2021 දේශපාලන ප්‍රකාශයේ, 2025 වසර සඳහා ගෝලීය කැපවීම් සහ ඉලක්ක ඇතුළත් වේ. ජනතාව උදෙසා ඒවා සාක්ෂාත් කරගත යුතුය. ඒඩ්ස්  තුරන් කිරීම සඳහා  දේශපාලන හා මූල්‍ය කැපවීම් නවීකරණය කරන ලෙස සියලුම සාමාජික රටවලින් සහ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටින බව මහාමණ්ඩල සභාපතිවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම