4වැනි චීන-රුසියාව බලශක්ති ව්‍යාපාරික සංසදය පැවැත්වේ
2022-11-30 17:20:46
Share with:

4වැනි චීන-රුසියා බලශක්ති ව්‍යාපාරික සංසදය ඊයේ(29) ‌බෙයිජිං හා මොස්කව් යන නගර දෙකේදී මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් පැවැත්විණ.

බලශක්ති වෙළඳාම යනු චීනය සහ රුසියාව අතර ප්‍රායෝගික සහයෝගීතාවයේ මූලයයි.

දෙපාර්ශ්වය චීන-රුසියා බලශක්ති සහයෝගීතාව ගැඹුරු කිරීමෙන්, හරිත, ආරක්ෂිත සහ තිරසර බලශක්ති සංවර්ධනය එක්ව ප්‍රවර්ධනය කළ යුතු බව, ඊට එක්වූවෝ කිහිප දෙනෙක් පැවසූහ. අනාගතයේදී, හරිත හා අඩු කාබන් ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් චීනයට සහ රුසියාවට තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ සහයෝගීතාව ගැඹුරු කළ හැකි බව ඔවුන් ගේ අදහස විය.

රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය අගමැතිවරයා  එහිදී දේශනය කරමින් පැවසුවේ, රුසියාව සහ චීනය අතර, තෙල්, ගෑස් සහ විදුලි බල යන ක්ෂේත්‍රවල ඵලදායී සහයෝගීතාවයක් අත්කර ගෙන ඇති බවයි. අනාගතයේ දී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව, ඔහු සදහන් කළේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම