චීනය අඛණ්ඩව පලස්තීනයට මානුෂවාදී හා සංවර්ධන සහනාධාර ලබාදෙනු ඇතැයි චීන ජනපති පවසයි
2022-11-30 11:05:22
Share with:

පලස්තීන ජනතාව සමග සහයෝගීතාවයේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊයේ(29) පැවති අනුස්මරණ සම්මේලනයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක් කරයි.

පලස්තීනය හා ඊශ්‍රායලය යන දෙරට අතර සාමකාමී යහ පැවැත්ම, අරාබි හා යුදෙව් ජාතිය එක්ව සංවර්ධනය කිරීම, එම දෙපාර්ශ්වයේ ප්‍රතිලාභයන්ට ගැලපෙන අතර එය විවිධ රටවල ජනතාවගේත් අභිලාෂය බව ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පවසා ඇත. ජගත් ප්‍රජාව, ‘රාජ්‍ය දෙකක්’ ක්‍රියාමාර්ගයෙහි එල්බ සිට පලස්තීන ප්‍රශ්නය ජාත්‍යන්තර න්‍යායපත්‍රයන්හි ප්‍රමුඛ ස්ථානයක තබා, පලස්තීන ජනතාවගේ රට ගොඩනැගීමේ සිහිනය සාක්ෂාත් කර ගැනීමට සහාය විය යුතු බව ද ඔහු කියා සිටියි.

පලස්තීන ජනතාව‍ සිය නිත්‍යනුකූල අයිතිය යළි ස්ථාපිත කිරීම සඳහා දැරූ උත්සාහයන්ට චීනයේ ස්ථිර අනුබලය හිමි වේ.  පෙර කළ සේම චීනය අඛණ්ඩව පලස්තීනයට මානුෂවාදී හා සංවර්ධන සහනාධාරය ලබා දෙනු ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයෙකු මෙන්ම ඊට වගකියන දැවැන්ත රටක් වශයෙන්, චීනය ජගත් ප්‍රජාව සමග එක්ව, මැදපෙරදිග ප්‍රදේශයේ තිරසර සාමය, පොදු ආරක්ෂාව හා පොදු සමෘද්ධිය ස්ථිර කිරීමට සක්‍රීයව දායක වනු ඇතැයි ද ෂී ජින්පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම