ඇමරිකානු ඊනියා "චීනයේ හමුදා බලය පිළිබඳ වාර්ෂික වාර්තාව" යටි අරමුණු සහිත වාර්තාවක් බව අවධාරණය කෙරේ
2022-11-30 20:13:33
Share with:

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ(29) චීනයේ හමුදා බලය පිළිබඳ වාර්ෂික වාර්තාව නිකුත් කළේ ය.

මේ පිළිබද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, ඇමරිකාව මෑත වසරවලදී නැවත නැවතත් ගොතන  විවිධ අනුවාදයන් මත ඊනියා "චීන තර්ජන න්‍යාය", හුවා දක්වමින් සිය න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කිරීම හා හමුදා ආධිපත්‍යය පවත්වා ගැනීම සදහා යොදා ගන්නා බවයි.

ඇමරිකාව පළ කළ මෙම චීනයේ හමුදා බලය පිළිබඳ වාර්ෂික වාර්තාව සදහන් කළේ, චීනයේ සක්‍රීය න්‍යෂ්ටික යුධ හිස් 400 ඉක්මවන බවට ගණන් බලා ඇති බවයි. චීනය න්‍යෂ්ටික ව්‍යාප්තිය අඛණ්ඩව සිදු කළහොත්, 2035 වන විට න්‍යෂ්ටික යුධ හිස් 1500ක් පමණ තිබිය හැකි බව එහි දැක්වේ.

මේ පිළිබද Zhao Lijian මහතා සදහන් කළේ, න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ ප්‍රතිපත්තිය චීනය අවධාරනය කරන බවයි. න්‍යෂ්ටික බලවේග සංවර්ධනය කිරීමේදී චීනය දැඩි සංයමයක් අනුගමනය කරන අතර, කිසිදඅ ආකාරයක අවි තරඟයකට චීනය කිසිවිටෙකත් සහභාගී නොවන බව, ඔහු අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම