චීන සහ කසකස්තාන් අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2022-11-30 10:55:53
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා පසුගිය අඟහරුවාදා(29) කසකස්තාන් අග්‍රාමාත්‍ය Alikhan Smailov මහතා සමඟ වීඩියෝ ආකාරයෙන් සාකච්ඡාවක් පැවැත්වීය.එහි දී දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගත යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

චීනය සෑම විටම කසකස්තානය සමඟ ඉහළ මට්ටමේ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමටත්, සංවර්ධන උපාය මාර්ගවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සහ  විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමටත් බලාපොරොත්තු වන බව ද Li Keqiang මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

දෙරට අතර පවතින බලශක්ති සහයෝගීතාවය ,ප්‍රායෝගික සහයෝගීතාවයේ කේන්ද්‍රීය සාධකය බව ඔහු සඳහන් ක‌ෙළ්ය.දෙරටෙහි  එකඟතාවයට අනුව චීනයට ස්ථාවරව ගෑස් සැපයීම සහතික කරනු ඇති බවත්, හැකි අයුරින් ශීත ඍතුවේ දී ගෑස් අඛණ්ඩව සපයනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන අග්‍රාමාත්‍යවරා ප්‍රකාශ කර ඇත.

කසකස්තානයෙන් වඩාත් උසස් තත්ත්වයේ හරිත කෘෂිකාර්මික සහ පශු සම්පත් නිෂ්පාදන ආනයනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන අග්‍රාමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේය. 

කසකස්තානය ආර්ථිකය සහ වෙළඳ කටයුතු පිළිබඳ සන්නිවේදනය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමති බව කසකස්තාන් අග්‍රාමාත්‍ය  Alikhan මහතා එම සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.එමෙන්ම නිෂ්පාදන ධාරිතාව, බලශක්තිය, කෘෂිකර්මාන්ත කටයුතු, අන්‍යොන්‍ය සම්බන්ධතාව,සන්නිවේදනය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, දෙරට අතර ස්ථිර සහ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමටත් බලාපොරොත්තු වන බව කසකස්තාන් අග්‍රාමාත්‍යවරයා එහි දී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම