ඉරාන ජනපති ඉරාක අගමැති හමුවෙයි
2022-11-30 14:58:07
Share with:

ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා ඊයේ(29) සංචාරයක් සඳහා, ඉරානයට පැමිණි ඉරාක අග්‍රාමාත්‍ය Mohammed Shia al-Sudani මහතා හමුවිය. ඔවුහු ඉරානයේ Tehran අගනුවර දී හමුවක් පවත්වා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

ඉරානය හා ඉරාකය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කලාපීය හා ගෝලීය සාමය සහ ස්ථාවරත්වය සඳහා හිතකර වන බවත්, ආර්ථික හා බලශක්ති ක්ෂේත්‍රයන්හි ඉරාකය සමඟ සහයෝගිතා ඇති කර ගැනීමට ඉරානය කැමැත්තෙන් සිටින බවත් Raisi මහතා එම හමුවේදී පැවසීය.

ඉරානය සහ ඉරාකය අතර විවිධ ක්ෂේත්‍රවල පවතින අන්තර් ක්‍රියාකාරිත්වය තමන් පිළිගන්නා බවත් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩි දියුණු වී ඇති බවත් ඉරාක අගමැතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ ඇමරිකානු බලවේග ක්‍රියාත්මක වී‌මෙන්, එම රටවල ආරක්ෂාවට තර්ජනයක් වූ ආකාරයටම,කලාපය තුළට විදේශීය බලවතුන්ගේ මැදිහත්වීම ගැටළුවක් බවට පත්වනු ඇති බව ද  Raisi මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම