ෂෙන්චෞ 15 අභ්‍යවකාශ යානයේ සේවා මණ්ඩලය සාර්ථකව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වෙයි
2022-11-30 10:24:02
Share with:

චීනයේ ෂෙන්චෞ 15 අභ්‍යවකාශ යානය සාර්ථක ව ගුවන්ගත කෙරේ.එම යානයෙහි සිටි ගගනගාමීන් තිදෙනෙක් චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වූහ.  කණ්ඩායම් දෙකකින් සමන්විත කාර්ය මණ්ඩලය   අභ්‍යවකාශයේදී හමු වූ පළමු වතාව එයයි.

බෙයිජිං වේලාවෙන් ඊයේ (29) ෂෙන්චෞ 15 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March-2F YA0 15 වාහක රොකට්ටුව Jiuquan චන්ද්‍රිකා 

දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරන ලදී. එම යානය පෙර සැකසූ කක්ෂයට ඇතුළු වූ අතර, ගගනගාමීන් සහ කාර්ය මණ්ඩලය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූහ.  පසුව, ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී, පළමු ‍ සේවා මුර චක්‍රය සිදු කරනු ඇත. එම කාලය තුළ ගගනගාමීන් හය දෙනා දින පහක පමණ කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ  විවිධ කාර්යයන් නිම කිරීමට සහ රාජකාරී පැවරීමටද නියමිතයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම