අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ කමිටුවෙන් නිවේදනයක්
2022-11-30 17:48:19
Share with:

අභාවප්‍රාප්ත චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ කමිටුව නිවේදනයක් නිකුත් කරයි.

චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය පිළිබඳව පාලක චීන කොමියුනිස්ට් පක්ෂය, චීන හමුදාව සහ සියලු ජාතීන්ට අයත් ජනතාවගේ දැඩි ශෝකය ප්‍රකාශ කිරීම සඳහා එම නිවේදනය නිකුත් කෙරිණ.

එම නිවේදනයට අනුව අද (30) සිට Jiang Zemin මහතාගේ අවමංගල උත්සවය පැවැත්වෙන දින දක්වා බෙයිජිං අගනුවර ටියෙන් අන් මෙන්, ශින් හුවා මෙන්, මහජන මහ ශාලාව, චීන විදේශ අමාත්‍යංශය , හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප දෙකේ මධ්‍යම රජ‍යේ සම්බන්ධීකරණ කාර්යාල, වි‍දේශ රටවල චීන තානාපති කාර්යාල හා ‍කොන්සල් කාර්යාල යන ස්ථාන හා ආයතනවල චීන ජාතික ධජය අඩකුඹ කෙරේ. එම කාලයේ ශෝක ප්‍රකාශ කිරීම් ලබා ගැනීම සඳහා හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප දෙකේ මධ්‍යම රජ‍යේ සම්බන්ධීකරණ කාර්යාල, වි‍දේශ රටවල චීන තානාපති කාර්යාල හා ‍කොන්සල් කාර්යාල තුළ ශෝකය පළ කිරීමේ ස්ථාන පිහිටුවනු ලැබේ.

චීනයේ පිළිවෙතට අනුව  Jiang Zemin මහතාගේ අවමංගල උත්සවයට එක් වීම සඳහා විදේශ රටවල ආණ්ඩු , දේශපාලන පක්ෂ හා මිත්‍ර පුද්ගලයන්ගේ නියෝජිතයන් හා නියෝජිත කණ්ඩායම් වෙත චීන රජය ආරාධනා නොකරන බව එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම